සින්නක්කර vs දීමනා පත්
බොහෝ දෙනෙක් “ලාබයිනේ” කියලා ඉඩම් අරගෙන, පස්සේ ගේ හදන්න ලෝන් (Loan) එකක් දාන්න ගියාම තමයි ඇත්ත දැනගන්නේ. අද අපි කතා කරමු ලංකාවේ ප්රධාන ඉඩම් ඔප්පු වර්ග 02 සහ එහි සැඟවුණු කතාව ගැන. 
සරලවම කිව්වොත්, මේවා තමයි “රජවරු” වගේ ඔප්පු.
පූර්ණ අයිතිය: ඉඩමේ සම්පූර්ණ අයිතිය ඔබට හිමිවේ. රජයට හෝ වෙනත් කිසිම පාර්ශවයකට අයිතියක් නැත.
නිදහස: ඔබට කැමති වෙලාවක මේක විකුණන්න, දරුවන්ට ලියන්න, තෑගි දෙන්න පුළුවන්. කාගෙන්වත් අවසර ගන්න රස්තියාදු වෙන්න ඕනේ නෑ.
බැංකු ණය: ඕනෑම රාජ්ය හෝ පෞද්ගලික බැංකුවක මේ ඔප්පුව තියලා ඉතාම පහසුවෙන් ණයක් (Housing Loan) ලබාගන්න පුළුවන්. බැංකු වැඩියෙන්ම කැමති මේ ඔප්පු වලටයි.
මේවා ගැන තමයි ඔබ දෙපාරක් හිතන්න ඕනේ! මේවා සාමාන්ය විකුණුම් ඔප්පු නෙවෙයි. රජය විසින් ඉඩම් නැති ජනතාවට වගා කිරීමට හෝ පදිංචියට දෙන ලද “දීමනා පත්ර” වේ.
සැබෑ අයිතිය: මෙහි සැබෑ අයිතිකරු බොහෝ විට රජයයි (State Land). ඔබට ලැබෙන්නේ එහි වගා කිරීමට හෝ පදිංචි වීමට ඇති “භුක්ති විඳීමේ අයිතිය” පමණයි.
විකිණීමේ ගැටළු: මේවා හිතු මනාපෙට විකුණන්න බැහැ. ඒ සඳහා ප්රාදේශීය ලේකම්වරයාගේ විශේෂ අවසරය අනිවාර්යයි. එහෙම නැතුව විකුණුවොත් ඒ ගනුදෙනුව නීති විරෝධීයි වගේම ඕනෑම වෙලාවක අවලංගු වෙන්න පුළුවන්.
බොහෝ පුද්ගලික බැංකු (Private Banks) මේ ඔප්පු වලට ලෝන් දෙන්නේ නෑ.
හේතුව: ඔබ ණයක් ගෙවන්න බැරි වුනොත්, බැංකුවට මේ ඉඩම වෙන්දේසි කරලා (Parate Execution) සල්ලි ගන්න නීතිමය බාධා තියෙනවා. ඒ නිසා බැංකු රිස්ක් එකක් ගන්නේ නෑ.
ඔප්පුව අතට ගත්තම මුල් පිටුවේ ඉහළින්ම ලියා ඇති දේ හොඳට කියවන්න.
ඉඩමක් ගන්න කලින්:
මිල අඩුවීමට හේතුව සොයන්න.
ඔප්පුවේ වර්ගය පරීක්ෂා කරන්න.
අනිවාර්යයෙන්ම දක්ෂ නීතිඥවරයෙක් (Lawyer) ලවා පත්තිරු පරීක්ෂා කරගන්න.


